නාදළු වගේ දෙතොල් හැඩකරගන්න අපූරූ හෙළ රහස්
කාන්තාවකගේ මුහුණ ලස්සන කරන තවත් එක් අංගයක් තමයි දෙතොල් කියලා කියන්නේ...ඒත් කාන්තාවන් ඒ සඳහා වැඩි කැපවීමක් කරන්නේ නැත්තේ ඇයි...
බොහෝ විට කාන්තාවන් තොල් ආලේපන ගැල්වීමෙන්, තමාගේ තොල්වල ඇති බොහෝ අසුන්දර බව මකා ගන්නට උත්සාහ දරන අයුරු අප දැක ඇත.කාන්තාවන්ගේ පමණක් නොව පිරිමින්ගේ ද තොල් අවපැහැ ගැන්වීම,තොල් පැලීම් වගේ දේවල් තිබුණත්, එය කාන්තාවන්ගේ වඩා ඉස්මතු වී පෙනෙන්නේ ඇය පිරිමින්ට වඩා ලස්සනට ඉන්න කැමති නිසාවෙනි.මේ තොල් වියලීම සහ කළු වීම බොහෝ කාන්තාවන් ට වද දෙන ගැටළුවක් තමයි. මේ සඳහා ඔබ නොයෙකුත් දේවල් අත් හදා බලන්නට ඇති.
තොල් පැලීම, වියලීම සහ අවපැහැගැන්වීම
මෙසේ වීමට විවිධ හේතු බලපානවා.
- දේශගුණයේ වෙනස් වීම්,
- විටමින්, ඛනිජ ලවණ (යකඩ) සහ අත්‍යවශ්‍ය මේද අම්ලවල අඩුවක් වූ විටදී
- සමහර බෙහෙත් වර්ග නිතර නිතර ගැනීම.
- ශරීරය විජලනයට ලක්වීම,
- තොල් සැපීම
වැනි නරක පුරුදු නිසාත් තොල් පැළී තුවාලවීමට ඉඩ තිඛෙනවා. තරුණියකගේ දෙතොල් නිතර නිතර වියළීමට, කළු පැහැති වීමට මෙන්ම දෙතොල් පැළී තුවාල වීමට ලක්වේ නම් එය ඇයගේ සුන්දරත්වයට හානියක් වෙනවා මෙන්ම ඇයට මානසිකව පීඩනයක් ඇතිවීමට හේතුවෙනවා.
මේ දේවල් වලට කරන්න දෙයක් තියනවද ?
ඔව්..... මේ දේවල් ඔයාට ගෙදර දී ම කරගන්න පුළුවන්
- තොල් සැපීම වැනි නරක පුරුදු වලින් ඈත් වන්න.
- නිතර ජලය පානය කරන්න.(තොල් තෙතමනය සඳහා, විජලනය අඩු කරගැනීම සඳහා)
- තද අව්වට යනවිට දී හොඳ තොල් ආලේපනයක් භාවිතා කරන්න.
- පළා වර්ග,පළතුරු,කැරට් වැනි විටමින් "A" අඩංගු අහාර පාන පරිභෝජනය කරන්න.
- තැඹිලි, පොල් වතුර වගේ දේවල් සතියකට 03-04 වතාවක් වත් බොන්න උත්සාහ කරන්න.
- විශේෂයෙන් කෘතිම තොල් අලේපන භාවිතය අවම කර ස්වාභාවික තොල් ආලේපන භාවිතා කරන්න.
තව මේ වගේ රහස් තව දැනගන්න ඕනේ නම් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. https://myappmaker.io/Beauty_Saloon
0 Comments