2020 ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් දිනන්න - Win above the 2020 Scholarship Exam


 

 2020 ශිෂ්‍යත්ව විභාගය  දරුවන් සූදානම් කරන ආදරණීය දෙමව්පියණි,තව දවස් කීයද මේ වෙනුවෙන් දරුවා මහන්සි කරන්න තියෙන්නේ. හරියටම දරුවා ඒ සඳහා සූදානම් කිරීම අද වෙනකොටත් සමහර දෙමාපියන්ට අභියෝගයක් වෙලා තියනවා. අද සිට බලන විට තව මාසයකටත් අඩු ප්‍රමාණයක් තමයි ශිෂ්‍යත්ව විභාගයට තියෙන්නේ. ඉතින් මේ කාලයේ දී අනවශ්‍ය පීඩනයක් දරුවාට දීලා දරුවාගේ මනස දුර්වල කිරීම එතරම් හොඳ දෙයක් නෙවෙයි. සමහර අම්මලා කියනවා අපිට ඇහිලා තියනවා "උඹ නිශාන්තට වඩා එක ලකුණක් හරි ගන්න ඕනේ...ඌට වඩා අඩුවෙන් ලකුණු අරගෙන  මේ ගෙදර පස් පාගන්නවත් හිතන්න එපා"
දැන හෝ නොදැන ඔබේ කටිනුත් මේ වගේ දේවල් පිටවෙන්න ඇති. ඔව් දැන් ඉඳන්ම මෙහෙම දේවල් කියන එක නම් නතර කරගන්න වෙනවා.දරුවා ට අනවශ්‍ය  පීඩනයක් දුන්නාම දරුවා ඒ ගැන ඔබට නොපෙන්වා හිටියට හිත ඇතුලෙන් හිතන්න ගන්නවා. "මම ඇත්තටම ෆේල් වෙයිද.....අම්මා තාත්තා කිව්ව විදියට අනිත් ළමයින්ට වඩා මට ලකුණු අඩු වෙයි ද...ලකුණු අඩු වුනොත්, ගෙදරට මාව ගන්න එකක් නැද්ද..."මෙ වගේ  සෲණාත්මක දේවල් දරුවාගේ මනසට වැටෙන්න ගන්නවා. දරුවා මනසට බියක් නොදැනීම ආරෝපණය වෙනවා...

මේ  මොහොතේ ඔබ කල යුත්තේ දරුවාට නිවැරදි මග පෙන්වීම පමණයි.මෙය එක්තාර කඩ ඉමක් බවත්, එය සාර්ථක කරගත් විට දරුවාට ලැබෙන  ප්‍රථිලාභ පිළිබඳව දරුවා දැනුවත් කරන්න.විභාගවලට මුහුණ දීමෙන් දරුවාට ලැබෙන ආත්ම විශ්වාසය ගැන දැනුවත් කරන්න. ඒ තුලින් ජීවිතය සාර්ථක කරගත හැකි බව පසක් කර දරුවා තුල ආත්ම අභිමානයක් ඇති කරන්න. ඒ තුලින් 05 වසර ශිෂ්‍යත්වයට වඩා ලොකු කඩ ජයග්‍රහනයක් ඔබටත්, දරුවාටත් ලැබිය හැක.

තව දුරටත් කියවන්න  දරුවා 2020 ශිෂ්‍යත්ව විභගයෙන් ඉහලින් දිනවන්න මෙතැන යන වචනය CLICK  කරන්න.

 මෙතැන 

 

Post a Comment

0 Comments