අපේ සම අපිම රැකගමු

සෞඛ්‍ය ගැන ඔබ හිතනවද කියලා තීරණය කරන්න පුළුවන් එක් සාධකයක් තමයි අපේ සම, අපේ සම බොහෝ විට බාහිර පරිසරයත් එක්ක ගැටෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා අපේ සමට වන හානියත් වැඩිවෙනවා. වයසට යද්දී සම පැහැපත් ගතිය අඩු වෙනවා තමයි...ඒත් අපි කියලා දෙන්නම් වයසට ගියත් අපේ සම ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා..



මොනවද කළ යුත්තේ ?

  • මුලින්ම උදෑසනම නැගිට්ට ගමන් වතුර මි.ලි 500 ක් අවමයෙන් බොන්න(අපි අර කඩෙන් ගන්න පොඩි ප්ලාස්ටික්  මි.ලි 500 බෝතලය )
  • නැවුම් එළවළු, නැවුම් පළතුරු හැකි සෑම වෙලාවකදීම ආහාරයට ගන්න.
  • විශේෂයෙන් පළා වර්ග,ධාන්‍ය වර්ග ආහරයට ගන්න.
  • හිරු කිරණින් අපේ සම ආරක්ෂා කරගන්න ඕනේ.(මේ නිසා වන සම දුර්වර්ණ වීම,සමරැළි ගැසීම, DARK SPOT ඇතිවීම, සමේ වර්ධනය අඩාල වීම වගේ දේවල් ඔබේ සමට අතිවන්න පුළුවන්.)
  • ඔබේ සමට ස්පර්ශ වන දේ හැකිතාක් අඩු කරගන්න.(ඒ තුලින් ඔබට විශබීජ සමට ආසාදනය වන්නට පුළුවන් )
  • ඔබේ සුමුදු සම ලස්සන වන්නට ඔබ භාවිතා කරන දේවල් නියමාකාර ආරක්ෂණ ප්‍රමිතියකින් තියනවද කියලා බලන්න.(අවම ප්‍රමිතියක්වත් නැති අලේපන ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ඔබේ සම ඔබට නොදැනුවත්ම විනාශ වෙන්න පුළුවන්. )
  • ඔබේ සම ගැන අවධානයෙන් ඉන්න (සමේ යම් කිසි වෙනසක් ඇතිවුනොත් ඒ සඳහා ගත හැකි පියවර නොපමාව ගන්න.)


අපේ සම ප්‍රධාන කොටස් 2 ක් තියනවා

1. වියළි සම

2. තෙත් සම

වියළි සම බොහෝ විට ගොරෝසු ස්වභාවයකි යුක්ත වන අතර තෙත් සම සෑමවිටම තෙත් ස්වභාවයෙන් යුක්තය.මේ කුමන සමක් තිබුනත්, අපි අපේ සම ඉතා වගකීමෙන් රැක ගැනීමට කටයුතු කළ යුතුය.



ඒ සඳහා ඔබට පහසුවෙන් කරගැනීමට හැකි පිළියම් කීපයක්

  • පිපිඤ්ඤා ගෙඩියක් බ්ලෙන්ඩර් කර එයට දෙහි බිංදු කීපයක් එකතු කර සම මතුපිට අලේප කර සෝදා හරින්න.(රාත්‍රියට පමණක් සුදුසු වේ).
  • මීකිරි හෝ යෝගට් සමෙහි ආලේප කර විනාඩි 15 කට පසු සෝදා හරින්න.
  • සුදු හඳුන් කුඩු මී පැණි සමග මිශ්‍ර කර සමෙහි අලේප කර විනාඩි 15- 20 අතර සෝදා හරින්න.
  • කොහොඹ කොල කොටා එයට කහ ටිකක් මිශ්‍ර කර සමෙහි අලේප කර විනාඩි 20 කින් පසුව සෝදා හරින්න.
  • පොල් වතුරින් සම සේදීම.
  • කෘතිම දේවල් වලට වඩා ස්වාභාවික දේවල් යොදාගෙන අපේ රූ සපුවට සත්කාර කරනවනම්, අපේ සම බොහෝ කල් ආරක්ෂා කරගන්නවා වගේම සම පැහැපත්ව නිරෝගීව තියාගන්නත් පුළුවන්.