මුහුණ ලස්සන කරගන්න මේ දේවල් වැදගත් වෙයි..........


අපේ ලස්සන මුලින්ම අනුන්ට පේන්නේ අපේ මූණෙන්, ඉතින් ඒ මූණ ලස්සන කරගන්න අපි නොකරන දෙයක් නෑ..සමහර වෙලාවට හරි දේවල් වගේම වැරදි දේවලුත් කරගෙන මූණ කැත කරගත්ත අය ඕන තරම් ඇති.කොහොම වුනත් හරි විදියට කරන්න තමයි අපි කියලා දෙන්නේ....


අපි කී සැරයක් අපේ මූණ හෝදනවද ? මූණ හෝදනකොට අපි හරියටම හෝදනවද ?


  • මූණ සේදීමට කලින් අපි අත් දෙක හොඳින් පිරිසිදු කරගත යුතුය (අතේ ඇති විශබීජ ඉවත් කිරීමට )
  • සෞඛ්‍යාරක්ශිත සබන් වර්ගයක් භාවිතා කරන්න.(සබන් වෙනුවට හොඳ FACIAL WASH එකක් භාවිතා කරන්න පුළුවන්නම් හොඳයි )
  • මුහුණ වටා බෙල්ල,නිකට, නාසය,නළල හොඳට සම්බාහනය කරන්න.(ඔබේ වෙඳගිල්ල පමණක් යොදාගන්න. තද කරලා මසාජ් කරන්න එපා )
  • ඔබටම වෙන් කරගත් තුවායකින් හෝ පිරිසිදු රෙදි කැබැල්ලකින් මුහුණේ වතුර නොරැඳෙන සේ තෙත මාත්තු කරගන්න.(තදින් මුහුණේ අතුල්ලන්න එපා )


ගෙදරදීම මුහුණ ලස්සන කරගන්න පුළුවන් ලේසි ක්‍රම කීපයක්


  • අල පෙත්තක් හීනියට කපලා මුණේ සෙමින් ගාන්න.
  • කෝමාරිකා යුශ මුහුණේ අලේප කර විනාඩි 15 කින් පමණ සෝද හරින්න.
  • ඉදුනු කෙසෙල් ගෙඩියක් පොත්ත දුඹුරු පාට වෙනකම් මුහුණේ අලේප කර විනාඩි 5-10 අතර සෝදා හරින්න.
  • බත් කැඳ ( බත් ඉදෙනකොට බත් මුට්ටියෙන් එලියට එන වතුර වගේ දේ) ටිකක් හැන්දකින් පීරිසියට ගෙන ටිකක් නිවෙන්න තබා මුහුණේ අලේප කර විනාඩි 5-10 ක් අතර සෝදා හරින්න.
  • දෙහි යුෂ මේස හැන්දකට වතුර මේස හැඳි දෙකක් කලවම් කර පුළුන් කෑල්ලකින් මුහුණේ ආලේප කර විනාඩි 15-20 ක් අතර උණු වතුරෙන් සෝදා හරින්න.(මෙය රාත්‍රී කාලයට සුදුසුයි.)
  • පිපිඤ්ඤා පෙති දෙකක් විනාඩි 15ක් විතර ඇස් මත තබාගෙන සිටින්න.(ඔබ බීලා විසි කරන තේ පැකට් වුනත් හොඳයි. ශීතකරණය තබාගෙන තබා භාවිතයට ගන්න.)


මේ දේවල් ටිකක් කරලා බලන්නකෝ ඔයාට හිතාගන්න බැරි විදියට ඔයා ලස්සන වෙලා තියේවී.

තව විස්තර ඔයාලට දැනගන්න ඕනේද ?  පහත ලින්ක් එක  හෝ  CLICK  Button  එක මත CLICK කරන්න.


LINK

https://myappmaker.io/Beauty_Saloon/