විවාහ වූ යුවලකගේ ඊළඟ සුන්දර බලාපොරොත්තුවක් තමයි දරු සුරතල් බැලීම, ඉතින් ඒ පවුලට අළුතින් අමුත්තෙක් එකතු වෙනවා කියලා දැන ගත්තාම, දෙමාපියන්ගේ සිතේ ආදරය වගේම කුතුහලයත් නිරන්තරයෙන්ම ඇතිවෙනවා.

ඉතින් මෙන්න මේ කාලෙදී තමයි අපට නොයෙක් ගුරුහරුකම්,උපදෙස්,අනාවැකි වගේ දේවල් වල නම් අඩුවක් වෙන්නේ නැහැ. කුළුඳුලේ මව් පදවිය ලැබුණු ඔබටත් මේ වගේ උපදෙස්,ගුරුහරුකම් ලැබෙන්න ඇති.ඒ වගේ වෙලාවට මොනවා කරන්නද, කොහොම කරන්න ද කියලා සිතට දෙගෙඩියාවක් එන්න පුළුවන්.

හැබැයි ඒ හැම උපදේසයක් ම අපේ ඔලුවට දාගෙන අපි වදවෙන්න ඕනේ නෑ. කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම තමයි වැදගත් ම දේ.


අම්මා ලස්සන වෙනවා කියන්නේ දුවෙක් ලැබෙන්නලු

මෙය හුදෙක් කවුරු හෝ විද්‍යත්මකව දැනට ඔප්පු කර නැති එක්තරා කතාවක්, මව ලස්සන වෙනවා හෝ අවපැහැ ගන්නේ, ඒ ලැබෙන විටමින් සහ ඇතිවන හෝර්මෝන වල ප්‍රථිඵලයක් විදියට තමයි සැලකෙන්නේ.







බබා සුදු වෙන්නනම් කිරි ගොඩාක් බොන්න ඕනි

කිරි සුදු පැහැයෙන් යුතු නිසා කිරි බිව්වහම ළමයි සුදුවෙන එකේ පදනමක් ඇත්තේ නැහැ, නමුත් කිරි වල ඇති නොයෙක් පෝෂක සංඝටක නිසා ලැබෙන්න ඉන්න දරුවාටත්, මවටත් නිරෝගී බව ශක්තිය ලැබෙන බව නම් විද්‍යාත්මක සනාථ වුන දේවල්, එහෙම කියලා බඩ පැලෙනකම් කිරි බොන්න ඕනේ කියලා දෙයක් නම් නෑ.ඔය කිරි නොබොන අම්මලාට ත් ලස්සන බබාලා ලැබෙන්නේ.


බබාල හම්බෙන්න ඉන්නකොට ගෙවල් හදන්න හොඳ නෑලූ

ඔව් ඒ කථාව ඇත්ත වගේ පේනවා නේද ? ගෙවල් හදන්න හොඳ නෑ කියන්නේ තමා ඉන්න ගෙදර, ඒ අවට පරිසරය ඝෝෂාකාරී සද්ද, මිනිස්සු වැඩකරන සද්ද එනකොට ගැබිණි මවට අපහසුතාවයන් ඇතිවෙනවා, මනස ව්‍යාකූල තත්වයකට පත්වෙනවා. ඒ වගේම තමයි තමාගේ සැමියා මහන්සි වෙද්දි අර බඩගෙඩිය උස්සාගෙන ගැබ්බර බිරිඳත් එනවනේ උදවු කරන්න. ඒ නිසා තමයි එහෙම කතාවක් ඇතිවෙලා තියෙන්නේ ඒ කතාව නම් පොඩි ඇත්තකුත් තියනවා වගේ නේද ?


පුතෙක් ලැබෙනකොට ත් අම්මා කැත වෙනවලු


මෙම කරුණත් හරියට ම විද්‍යාත්මකව ඔප්පු කරලා නැති කතා ගණයට වැටෙනවා.විශේෂයෙන් බෙල්ල, කිහිලි,අවට කළුවීම පෙර සඳහන් කළා වගේ හෝර්මෝන වල වෙනස් කම් නිසා ඇතිවන දෙයක්.මේ ගර්භණී සමයේ මෙවැනි වෙනස්කම් ඇතිවන එක සාමාන්‍ය දෙයක්, මෙවැනි දේවල් වලින් කුසේ ඉන්න දරුවා කවුද කියලා තීරණය කරන්න අමාරුයි.

 
 

තවත් ඔබ දැනුවත් වෙන්න - දැනගන්න  

 තවත් දැනගන්න මෙතන ලින්ක් එකෙන්

 https://myappmaker.io/Love_me_Mother/.


 

 මීට අමතරව ඔබ දන්න මේවගේ මිත්‍යා අදහස් තියනවනම් අපිට කියන්න