බබා හැරිලා කියලා දැනගන්නේ කොහොමද?

කුළුදුලේ ගැබිණියක් වුන කාලයේදී අපේ හිතට ගොඩාක් ප්‍රශ්න එනවා,ඒ එන ප්‍රශ්න මට විතරද එන්නේ කියලා හිතන වාර අපමණයි නේද? ඉතින් මේ ප්‍රශ්න ගැන කතාකරන්න, කියන්න උපදෙස් අහගන්න කවුරු හරි ඉන්නවනම් කියලා හිතෙනවා.

වැඩිහිටි අය නම් බඩ අල්ලල බලලා කියනවා.අපිට නම් බබා එහාට මෙහාට දගලද්දි හිතෙනවා දැන්නම් හැරිලා ඇති කියලා.සමහර අම්මලා නම් පළපුරුද්දෙන් කියනවා. තව සමහර අම්මලාට කලවා කැක්කුම් එනවා. කෙසේ වෙතත් තමගේ වෛද්‍යවරයා මුණගැසී උපදෙස් ගැනීම ඉතාම වැදගත්


කුස තුල ඉන්න බබාට අපි කියන කරන දේවල් දැනෙනවද ?

බොහෝ දුරට මේ කථාව සත්‍යක් ලෙස අපි පිළිගන්නවා.සෑම අම්ම කෙනෙක්ටම තේරෙනවා සෞඛ්ය සම්පන්නව ඉන්න කොට, බබාට කතා කරනකොට,සාමන්‍යයෙන් සති 20 කින් පස්සේ බබා ශබ්ද තේරුම් ගන්නවා, ඒ ශබ්ද මතක තියාගන්න බලනවා.ආලෝකයට සංවේදී වෙනවා,ඉතින් මේ කාලයේ ඔබ අහන, කියන, කරන් දේවල් බබාට දැනෙනවා වගේම ඒවාට ප්‍රතික්‍රියා දක්වනවා..

මේ කාලයේදී ඔබ හොඳ සංගීතය වගේ ම හොඳ පොත පත් කියෙව්වොත්,හොඳ දේවල් ගැන කතා කරොත්...එ වගේම තාත්ත ත් නිතර ම මවට ආදරෙන් සැලකීම වගේම,බබත් එක්ක ආදරෙන් කතා කළ යුතුය.

ඉතින් අපි මේ දේ කරන්නේ දරුවාගේ යහපත් වර්ධනයට යි



කුස තුල සිටින මගේ දරුවා බරින් අඩුද ?

මවක් සැම විටම තම කුස තුල සිටින දරුවා නිරෝගී ව තබා ගැනීමට උත්සාහ කරනව.දරුවෙකුගේ වර්ධනය බලන්න ක්‍රම කිහිපයක් තිබෙනව.මෙය අද වන විට ස්කැන් යන්ත්‍රය ආධාරයෙන් සිදු කරනු ලබනවා.

දරුවාගේ වැඩීම ගර්භණී සමයත් සමග ප්‍රස්තාර මගින් ගලපා සොයගනු ලැබේ. දරුවා කුඩා යැයි හැඟී ගිය හොත් එවැනි මවුවරුන් විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු කරනු ලබනව.එහිදී මේ සඳහා අවශ්‍යනම් විශේෂිත ප්‍රථිකාර ලබාදෙයි



බබාලට රෑට පැම්පස් අන්දන එක හොඳද ?

අලුත් ඉපදුන දරුවෙක් දවසට දහ වතාවකට වඩා මුත්‍රා දානවා.ඉතින් ඒ හැම වෙලේම ඒ දේවල අස්කරන්න ඕනෙ, නැත්තම් බබා අසාදනවලට ලක්වෙනවා.නමුත් රෑටත් දරුවාමූත්‍රා කරනකොට ඒක අම්මට දරුවටයි දෙන්නටම කරදරයක්.නමුත් පැම්පස් භාවිතය මගින් මවටත් දරුවාටත් සුව නින්දක් ලබාගන්න පුළුවන්.නමුත් පැම්පස් භාවිතයේදී ඔබ පැය දෙකෙන් දෙකටවත් පැම්පස් මාරු කිරීමට වගබලාගත යුතුය.


ගැබිණි සමයේ ඇති වන රුධිර පැල්ලම්

ගර්භණී කාලයේ දී ලේ පැල්ලම් මව්වරුන්ට පොදු ලක්ෂණයක් වුනත් ගර්භණී සමයේදී ඕනෑම වේලාවක ඔබේ යෝනි මාර්ගයෙන් ලේ පිටවීමක් දක්නට ලැබෙනවා නම් ඔබේ වෛද්යවරයා හෝ තමගේ පවුල් සෞඛ්ය නිලධරිනී අමතා උපදෙස් ගැනීම ඉතාම වැදගත්,


සීසර් සැත්කමකින් පස්සේ මව්කිරි නිපදවීම අඩු වෙනවාද ?

සීසර් කිරීම දරු ප්‍රසූතියේ එක්තරා ක්‍රමයක් වන අතර එය කිරි නිපදවීමට බල නොපාන බව සොයාගෙන තිබේ.මව් කිරි සෑදීම හෝමෝනවල ක්‍රියාකාරීකමකි.විශේෂයෙන් සීසර් කිරීම නිසා ඇතිවන අපහසුතාවය වේදනාව සහ මානසික පීඩනය නිසා මදක් කිරි නිපදවීමට බලපෑමක් එල්ලවුනත් එය තාවකාලික තත්වයක් බව පවසයි.

මේ මුල් කාලයේ දරුවාට ආදරයෙන්, උවමනාවෙන් කිරි දීම කළ යුතුය.

ඔබට ගැටළුවක් වී නම්,පවුල් සෞඛ්‍ය නිලධාරීයගෙන් උපදෙස් ගන්න.


මව් කිරි දුන්නාම අපේ ඇඟ කැත වෙනවද ?

මව්කිරි දීමෙන් මවගේ ශරීරය වැහැරෙනව කැත වෙනව කියල. පමණට වඩා පෙනුම ගැන වද වෙන සමහර අම්මල දරුවට මව් කිරි දීම ඉක්මණින්ම නවත්තල පිටි කිරි වලට යොමු කරනව. ඒත් ඇත්තටම ගත්තොත් මව් කිරි දරුවාට දීමේ වාසිය දරුවාට පමණක් නෙවෙයි ඔබටත් අත්විඳින්න පුළුවන්.

මව්කිරි දෙන සමයේදී ඔබ ලබාගන්නා අමතර කැලරි දහනය වීම වේගවත් නිසා ඔබේ බර සමබර වීමට මෙය අනිවාර්යෙන් ඉවහල් වෙනව. ඒ වගේම දරුවාට මව් කිරි දීමේදී මව් කිරි නිපදවීමත් සිදු වෙන නිසා ඒ සඳහා අවශ්‍ය හෝමෝන වර්ග ශරීරය තුල නිපදවෙනව. මේ ක්‍රියාවලියේදී ගර්භාශ බිත්ති සවිමත් වීමට, ප්‍රසූතියෙන් පසු විය හැකි රුධිරවාහන තත්ත්ව මඟ හැරීමට විතරක් නෙවෙයි ඔබේ අස්ථි සවිමත් වීමද සිදුවෙනව. මව් කිරි නොදෙන කාන්තාවන්ට වඩා මව්කිරි දුන් කාන්තාවන්ට පියයුරු පිළිකා සහ ගර්භාශ පිළිකා ඇති වීමේ අවදානමද අඩුයි කියලයි කියවෙන්නෙ.

 


CLICK කරන්න

තවත් දැනගන්න මෙතන ලින්ක් එකෙන්

https://myappmaker.io/Love_me_Mother/.

 

ඔබටත් මෙවැනි අත්දැකීම් තියනවනම් අපිත් එක්ක බෙදාගන්න.
තව කාට හරි බලන්න share කරන්න