මුහුණයි හදවතයි වනසන කුරුලෑ

 

 

කුරුලෑවක්‌ යනු කුමක්‌ද?

සමෙහි ඇති ස්‌වේද ග්‍රන්ථි තුළ වැඩිපුර දහඩිය නිපදවීම හේතුවෙන් එම ග්‍රන්ථය තුළ ඇති කෙස්‌ ගස මිය යයි. එම නිසා ග්‍රන්ථිය තුළ සිරවන ස්‌වේදය නිසා සමෙහි අවට සෛල ආසාදනයට ලක්‌වේ. අවසානයේදී එය සැරව සහ බැක්‌ටීරියාවන්ගෙන් පිරි ගෙඩියක්‌ බවට පත්වේ. මෙය කඩා හෝ මිරිකා ඉවත් නොකළහොත්  ස්‌වභාවිකවම පුපුරා ගොස්‌ දින කිහිපයකින් සම යථා තත්ත්වයට පත්වේ. සමහර අවස්‌ථාවන්හිදී සමේ ගැඹුරින් පිහිටා ඇති ග්‍රන්ථියක කුරුලෑවක්‌ ඇතිවූ විට එය ස්‌වභාවිකවම පුපුරා නොගොස්‌ ඝන බවට පත්වී ගෙඩියක්‌ ලෙසින් එලෙසම පවතී.

මෙය ගැහැණු පිරිමි බේදයකින් තොරව ඇතිවිය හැකි තත්වයකි.



කුරුලෑ අතිවීමට බලපාන හේතු :-

  • සෞඛ්‍යාරක්‍ෂක නොවන ජීවන පුරුදු බලපානවා.

  • අධිකව මානසික ආතතිය

  • වැඩිපුර පාඩම් කිරීම

  • වැඩිපුර පිටි, සීනි හා තෙල් සහිත ආහාර ගැනීම

  • තෙල් සහිත ක්‍රීම් වර්ග, ලෝෂන් වර්ග ආලේප කිරීම

  • නිතර නිතර මල බද්ධය ඇති වීම

  • අධික ලෙස නිදි මැරීම

  • ඔසප් චක්‍රයේ පවතින වෙනස්‌කම්

  • චොකලට්‌ සහ කේක්‌ වැනි අධික ලෙස පැණි රස වර්ග අහාරයට ගැනීම

  • වැරදි ලෙස කුරුලෑ මිරිකා ඉවත් කිරීමට තැත් කිරීම,

  • අධික දුම්, විෂබීජ දූවිල්ල වැනි දේවල් වලට මුහුණ නිතරම නිරාවරණය වීම

  • හිස් හොරි ඇති වීම


කුරුලෑ පාලනය කිරීම සඳහා ගත හැකි පහසු පියවර කිහිපයක්

කුරුලෑවලට ප්‍රතිකාර ලෙස අලේපන වර්ගම විතරක් යෙදීම සාර්ථක ක්‍රමයක් නොවේ.


  • එය ඔබේ සමේ අභ්‍යන්තරයටම දැනෙන සේ ප්‍රතිකාර කළ යුතුය.

  • නිතර මුහුණ අශ්‍රිතව පිරිසුදුව තබා ගත යුතුය.

  • වැඩිපුර පිටි සහ තෙල් අඩංගු ආහාර වලින් ඈත්වී සිටින්න.

  • අනවශ්‍ය ලෙස නිදිමැරීම නොකරන්න.

  • සීනී භාවිතය අවම කරන්න.

  • පැණි බීම, අච්චාරු වර්ග අහාරයට ගැනීම ඉතා අහිතකර වේ.


ගෙදරදීම කළ හැකි ප්‍රථිකාර :-

  • සතියකට වරක්වත් හුමාලය ඇල්ලීම ඇල්ලීම කරන්න.

  • අමු නෙල්ලි යුෂට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කරන්න.

  • කැරැට් අල තම්බා අඹරා ආලේප කරන්න.

  • අමු අර්තාපල් අල පෙති දෙකක් ගෙන එහි යුශ කුරුලෑ අශ්‍රිත ප්‍රදේශවල අලේප කරන්න.

  • නෙල්ලි ඉස්මට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.

  • කුරුඳු කුඩු සමග මී පැණි මිශ්‍ර කර රාත්‍රියට ආලේප කර,උදෑසන සෝදා හරින්න.

  • නින්දට පෙර දෙහි යුශ කපු රෙදි කැබැල්ලකට දමා කුරුලෑ මත අලේප කරන්න.

  • දොඩම් ලෙලි අයිස් වතුරෙන් හෝ ඇල් ජලයෙන් අඹරලා අලේප කරන්න.


කලින් සඳහන් කළ ආකරයට කුරුලෑ සඳහා අලේපන ගැල්වීම පමණක් සුදුසු නොවේ.මුළු ශරීරය අභ්‍යන්තරයටම දැනෙන ලෙස ප්‍රතිකාර යෙදීම වැදගත් ය. මේ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ගැනීම මගින් නිට්ටාවට සුව කරගත හැකි අතර කුරුලෑ නිසා ඇතිවන මානසික ආතතිය දුරු කර, පැහැපත් මුහුණක් ද ඒ තුලින් ඇතිකර ගතහැකිය.

 


Post a Comment

0 Comments