කසාද බැන්දට පස්සෙ අඹු සැමි ගැටුම් ඉතින් සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. මොකද ඉතින් කසාද ජීවිතේ පුරා පොඩි හරි රණ්ඩුවක් හෝ වචන හුවමාරුවක් හෝ කරගෙන නැත්තං  ඒ ජීවිතය ටිකක් තේරුම් ගන්න අමාරු වෙනවා. ඔය පැරණි කියමනක් තියෙනවා නේ, දෙන්නා දෙමහල්ලන්ගේ රණ්ඩු බත් ඉදෙනකන් විතරයි කියලා. ඒත් සමහර අයගේ රණ්ඩුසරුවල් නම් නිමා වෙන්නේ දෙන්න දෙමහල්ලන්ගේ ජවිත පවා උසාවියට සින්න කරලා.  විවාහ ජීවිතයේ කටුක බව ඇති වී සහ සිතේ සහනය නැති කිරීමට මේ ආකාරයෙන් රණ්ඩුසරුවල් දිගින් දිගටම ඇතිවන එක නං එච්චර සුබදායක දෙයක් නම් නෙවෙයි. ඉතින් මේ රණ්ඩු වලට හේතු පාදක වන දේවල් හොයලා බැලුවොත් ඇයි අපි රණ්ඩු වුණේ කියලත් හිතෙන අවස්ථා ඕන තරම් තියෙනවා.


ඔයා දිගින් දිගටම තම සහකරු හෝ සහකාරිය සමග රණ්ඩු සරුවල් ඇතිකරගන්න කෙනෙක්ද?
ඔයා පවුලේ බර කරට ගෙන  තම පවුල  ජීවත් කරවීමට වෙහෙස දරන පුරුෂයෙක් නම්,  භාර්යාවක් නම්, ඒ වගේම ඒ කාර්යබහුල කමට, තමාගේ කාලය කැප කරමින් දරන වෙහෙසට ඔයාට සුළු අතපසු වීමක දී පවා කේන්ති යන්න හැකියාව වැඩියි. ඔයා හිතන්නෙ ඔයා කරන කැපවීම කාටවත් පේන්නෙ නැහැ කියලා. ඉතිං ඔයාට කියන එක පොඩි වචනයක් පවා ඔයාගේ  හිතට ලොකු තරහක් කේන්තියක් ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ වෙලාවට හැමෝම පේන්නේ වැරදිකාරයෝ විදියට. මේ වෙලාවේ  රණ්ඩු සරුවල් වලට ගිහිල්ලා අපේ මානසිකත්වය පහලට දා ගන්න හොඳ නෑ.මොකද ඔයා ඔයාගෙ පවුල වෙනුවෙන් මහන්සි වෙනවනම් අනිත් අයට කලින් ඔයාම තේරුම් ගන්න ඕනේ ඔයගේ කැපවීම කොච්චරද කියලා.එතකොට අනිත් අය තේරුම් ගන්නකොට ඔයාගේ කැපවීම ගැන ලොකු සෙනෙහසක් දයාවක්,ගෞරවයක් ඉබේම එයාලගේ හිතට එයි ඔයා ගැන.

ඒ වගේම තමයි තමාගේ පෞද්ගලිකත්වය සහ ස්වාධීනත්වය. මෙහෙම කියද්දි බලයි විවාහක යුවළකට තනි තනි පෞද්ගලිකත්වයක් තියෙනවද කියලා. ඔව් හැමෝටම පෞද්ගලිකත්වයක් තියෙනවා. විවාහ දිවියට ඇතුළත් වුණා කියලා ඒ පෞද්ගලිකත්වය නැති වෙන්නේ නෑ. ඔයාට දිනපොතක් තියෙනවද?  ඒ දිනපොතේ බිරිඳයි සැමියයි එකට තමාගේ දින චර්යාව ලියනවද? නෑනේ. ඔබට ජංගම දුරකථනයක් තියෙනවා නේද? ඒ ජංගම දුරකතනයෙත් එකිනෙකාට වෙනස් වූ දේවල් නේද ඇතුළත් කරගෙන තියෙන්නේ? කොහොම වුණත් විවාහ ජීවිතයට ඇතුළත් වුණ හැමෝටම පෞද්ගලික ජීවිතයක් පොද්ගලික අන්තර්ගතයත් තියෙනවා. ඒ පෞද්ගලිකත්වයට දෙදෙනාම ගරු කරගෙන එය ආරක්ෂා කරගැනීම මේ රණ්ඩුසරුවල් වලින් මිදීමට වත් එක් ක්‍රියාමාර්ගයක්.

ඒ වගේම තමයි තමාගේ සහකරුගේ හෝ සහකාරියගේ සිත රිද වීමේ අභිලාෂයෙන් ම රණ්ඩු සරුවල් වෙනවනං ඒ කියන්නේ ඔබට ඔබේ ආදරණීය ම සහකරු හෝ සහකාරිය රිදවලා සතුටක් ලබන්න පුළුවන් නම් ඔබේ සිතේ ඇත්තේ ඉතාම පවිටු දුෂ්ට අදහස් බව මේ කරුණෙන් ම පෙනෙනවා. මෙයට දෙන්න පුළුවන් හොඳම උපදෙස නම් දැම්ම පරක්කු නොවී ‍ මානසික වෛද්යවරයෙකු හමු වී උපදෙස් ගැනීම ඉතාම වැදගත් බවයි.



ඉඳලා හිටලා වචනයක් දෙකක් එහාට මෙහාට ගියාට කමක් නැහැ. හැබැයි එය අවසානයේ තමාගේ සහකරුට හෝ සහකාරියට එහෙම නැත්නම් පවුලේ අනෙක් සාමාජිකයන් ට දුකක් කනගාටුවක් වන විදිහට නම් ඉවර වෙන්නේ, මේ ක්‍රමවේදය එතරම් සාර්ථක නෑ. මොකද අපිට අපේ පවුල් ජීවිතේ  සුළු සුළු තැන් වරදිනවා. ඉතිං ඒක දුරදිග ගිහිල්ලා හදාගන්න උත්සාහ කරනවාට වඩා,තමාගේ ආදරණීය න් ආරක්ෂා කර ගෙන ඒ වැරදීම් හරියට හදාගන්න අපිට පුළුවන් කමක් තියෙන්න ඕනේ.
රණ්ඩු සරුල්වල අවසානයේ තමාගේ බැඳීම් පෙරටත් වඩා ආදරණීය විදියට බැඳ තබා ගන්න අපි උනන්දු විය යුතුයි. තමාට දෙයක් වැරදුනා නම් එය වරද පිළිගෙන සමාව ඉල්ලා, ඒ නිහතමානී ලෙස වැරැද්ද හදාගන්න අඹු සැමියන් විදිහට අපි තේරුම් ගන්න ඕනේ.එහෙම වෙනකොට පෙර තිබුණාටත් වඩා අපේ ජීවිතයේ බැඳීම් තව තවත් ලස්සන වෙනවා. සුන්දර වෙනවා.