කනවා, කනවා කාල ව්‍යායාම කලොත් හරි ද ?
"මම කොච්චර කෑම පාලනය කලත් මහත් වෙන එක නම් නතර වෙන්නෑ නේ". ඔයා එහෙම කොච්චර මැසිවිලි නගනවා ඇද්ද ? කෑම පාලනය කරා කියලා ම ඇඟවල් කෙට්ටු වෙන්න නෑ කොච්චර නොකා ඉන්න උත්සාහ කරත් ඒ ඇඟවල් මහත් වෙලා නෙරලා එන විදිය අපි දැකලා තියෙනවා.
කනවා, කනවා කාලා ව්‍යායාම කලොත් හරි කියලා මිත්‍යා විශ්වාසයක් ඔයත් හිතේ තියාගෙන ඉන්නවද ? කරුණාකරලා ඒ හිතේ තියෙන මිත්‍යා විශ්වාස අයින් කරගන්න. බඩ පැලෙනකම් කාලා ව්‍යායාම කරා කියලා ඔයාගේ ඔයා ඇඟවල් නම් බහින්නෙ නැහැ.
ඔයා දැන් කියනවා නේ අපි කොච්චර කෑවත් අපි ව්‍යායාම් කරනවා කියලා ඒ උනාට අපේ මහත නං අඩු වෙන්නේ නෑ...ඒ ඇයි දන්නවද අපි ගන්න ආහාරවල අඩංගු ශක්තිය ඒ කියන්නේ කැලරි මේවා තමයි මේදය විදියට අපේ ශරීරයේ තැන්පත් වෙන්නේ. අපි ව්‍යායාම කරනවා තමයි ඒ ව්‍යායාම කරද්දි ශක්තිය වැය වෙනවා නේ, ඒ කියන්නේ කැලරි වැය වෙනවා. ඉතිං අපි කෑම විදියට සිරුරට ගන්න කැලරි හා සමාන ප්‍රමාණයක් දහනය කරලා ඒ හා සමාන ප්‍රමාණයක් ම අපි ඇඟට දා ගත්තොත් ඉතින් අපි කොච්චර ව්‍යායාම කරත් හරියන් නෑනේ. මොකද ඒ ප්‍රමාණය අපේ ඇඟේ තාම රැඳෙනවා.
ඒකට නිවැරදි ආහාර පාලනයක් යටතේ ඔයා ආහාර ලබා ගන්න ඕනේ.
ඔයා දන්නවද පුද්ගලයකුට සීනි විදියට ඔහු ගන්න ආහාර ප්‍රමාණයෙන් කොපමණ ප්‍රමාණයක් කැලරි විදියට ලබා ගන්න ඕනේ කියලාද? හරියට කියනවා නම් අපේ ආහාර වේලෙන් 10% වඩා අඩු වෙන්න ඕනේ, අපි ගන්න ආහාර වල කැලරි ප්‍රමාණය, නමුත් අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ කරල තියෙන්නෙ 25% ක් වගේ ප්‍රමාණයක්.(ඒ ආයතනත් ඉතින් යැපෙන්නේ මේ බහු ජාතික අහාර මෆියා සංගම් වලින්නේ.)
කවුරු මොනවා කිව්වත් අපි හරියටම අපේ ආහාර පාන වලට නිසි පාලනයක් තියෙන්න ඕනේ.
මේ සඳහා ඔයා කෘතිම කෑම කන එක අද ඉඳන් අයින් කරන්න ඕනේ.
උදේ නැගිට්ට ගමන් වතුර මිලි ලීටර් පන්සීයක් පමණ පානය කරන්න මෙය හිස් බඩටම කරන්න.
කෑමට පසු සීත කළ බීම සීතල වතුර පානය කිරීම සම්පූර්ණයෙන්ම සීමා කළ යුතුයි.
උදේ ආහාර වේලට ශෝටීස් එහෙම නැත්තං කෙටි කෑම සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි.
ක්ෂණික ආහාර ක්ෂණික පානයන් සම්පූර්ණයෙන්ම අත්හළ යුතුය.
සතියකට සැරයක් එළවළු තම්බලා හෝ සුප් එකක් හෝ රාත්‍රියට ආහාරයට ගන්න.
සතියකට තුන් වරක්වත් කොළ මැල්ලුමක් ආහාරයට ගන්න.
ඉඟුරු සුදුළූණ කුරුඳු ගොරකා යන දේවල් සැම විටම ආහාර වලට එකතු කරගන්න උත්සාහ කරන්න.
රාත්‍රී ආහාර වේල ගැන විශේෂ අවධානයක් කරන්න. උපරිම බත් හැඳි දෙකක් පමණක් ආහාරයට ගන්න.
ප්‍රධාන වේල් අතරට කොමඩු ගස්ලබු වැනි පළතුරක් ආහාරයට ගන්න.
සතියට තෙල් සහිත ආහාර එක වතාවක් පමණ භාවිතයට ගන්න.
තේ සෑදීමේදී සීනි හැඳි එකහමාරක් පමණක් යොදාගන්න.
මෙය මාසයක් නිවැරදිව කරලා බලන්න.ඔබේ ශරීරයට දැනෙන සුව පහසුව කොපමණද කියලා. ඒ වගේම ඔබේ ශරීරයේ හැඩය අර ටයර් වගේ එල්ලා හැලෙන මස් තට්ටුව මේ සියල්ලම ඔබේ ශරීරයෙන් අතුරුදන් වෙලා පියකරු පෙනුමක් ඔබේ ශරීරයට ආරූඪ වේවි.
1 Comments
Super
ReplyDelete