ගැබිනි මවකට ව්‍යායාම සුදුසුද?
ඔබ ගැබිණියක් බවට පත් වූ විට, ඔබ ඔබේ සෞඛ්‍ය ගැන හිතනවාට වඩා මුල් තැන දෙන්නේ, කුසේ සිටින දරුවාටයි...සමහර මව්වරු තම ගැබට හානිවෙයි යැයි බියෙන් ව්‍යායාම වැනි සෞඛ්‍ය පුරුදු වලින් ඈත්වෙලා ඉන්නවා.
ඔබ ගැබ් ගන්නනටත් පෙර ව්‍යායාම වැනි සෞඛ්‍ය පුරුදු වලට හුරු වී සිටියා නම්, එය දරු ගැබට හානියක් නොවී කරගෙන යාමට ඔබට දැන් පුළුවන්. එය මදක් අපහසු තාවයක් මුල් වරට ඔබට දැනේවී.ඒත් ඔබ එය සිරුරට හුරුවෙන තෙක් අවධානයෙන් කළ යුතුය.
ව්‍යායාම තුළින් වාසි කීපයක් ඔබට අත්වෙයි.
යහපත් මානසික සෞඛ්‍ය තත්වයක් ඇතිවීම
සුවබර නින්දක් ලැබීමට ඇති හැකියාව.
මෙම කාලයේදී අනවශ්‍ය බර වැඩිවීම් වලක්වාගැනීමට හැකිවීම.
අපහසුතාවයකින් තොරව දරු ප්‍රසූතිය කිරීමට හැකිවීම.
ගැබිණි සමයේ ව්‍යායාම කිරීම තුලින්,මවගේ සෞඛ්‍ය වගේම යහපත් සෞඛ්‍ය සම්පන්න දරුවෙකු ද බිහිකිරීමට හැකියාවක් ඇති බව අද විද්‍යාත්මකව ද තහවුරු කරගෙන ඇත.
කෙසේ වෙතත්, ව්‍යායාම නිවැරදි ලෙසත් ක්රමාණුකූලවත් කිරීමත් ඉතා අත්‍යාවශ්‍ය කරුණකි ඒ සඳහා සුදුසුකම් සහිත පළපුරුදු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගත යුතුය.
තවත් දැනගන්න මෙතන ලින්ක් එකෙන්
https://myappmaker.io/Love_me_
ඔබටත් මෙවැනි අත්දැකීම් තියනවනම් අපිත් එක්ක බෙදාගන්න.
තව කාට හරි බලන්න Share කරන්න
0 Comments