අනියම් සම්බන්ධතා ගැන  ( Casual relationships)

අනියම් සම්බන්ධතාවයක්  කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔයා මොකද කියන්නේ ?

 



එක්කෝ තමන් විවාහ වෙලා හරි, ප්‍රේම සම්බන්ධතාවයක ඉන්නකොට හරි තවත් කෙනෙක් එක්ක යම් කිසි සම්බන්ධතාවයක් තියාගන්න එක අනියම් සම්බන්ධතාවයක්.

අනියම් සම්බන්ධතා ඇති වන්නේ ඉබේ නොවෙයි. විවාහ වෙලා කාලයක් යනකොට වගේම, ආදරය කරන්න පටන් අරන් ටික කලක් යද්දිත් (ප්‍රේමවන්තයෙක්, ප්‍රේමවන්තියක් වෙලා ඉන්න කාලයේත් ) අනියම් සම්බන්දතා ඇති වෙන්න පුළුවන්

වර්තමානයේ පිරිමින්  සමානව කාන්තවන්   අනියම් සම්බන්දතා වලට පැටලිලා තියෙනවා

අපි ඔය විදියට පොදුවේ කොහොම කිව්වත් අනියම් සම්බන්දතා වර්ග ගණනාවක් තියනවා. අපි ඒවා මොනවද කියල බලමු.



ලිංගික සම්බන්ධතා

හුදෙක් පරමාර්ථය ලිංගිකව එකතු වීම පමණයි.



 

එක දින තරග

මේවා එක දිනකට පමණක් ඇතිවෙන සම්බන්දතා. විශේෂයෙන් පොදු ප්‍රවාහන, ක්‍රීඩා තරග, වගේ ඇසිල්ලකින් දකින අවස්ථාවක ඇතිවන සම්බන්දතා විශේෂයක්.


ආතතිය සම්බන්දතා

ඔබ බලයි මොනවද මේ කියලා, මේවා තමයි ගොඩක් තියෙන්නේ, තම බිරිඳ  ගැන හොයා බලන්න වෙලාවක් නැති, බිරිඳ සමග කාලෙකින් සතුටු වෙලා  (sex කරන්නේ  ) නැති, වෙලාවකට වයිෆ් තමන්ට සමීප වෙන යාළුවෙක් එක්ක හිතින් කිට්ටු වෙන්න පුළුවන්. එතනදී වයිෆ් හොයන්නේ තමන්ට විවාහ ජීවිතේ ඇතුළේ මිස් වෙලා තියෙන දෙයක්. සැමියාගේ පැත්තෙනුත් එහෙමයි. සැමියාට ඔෆිස් එකෙත් ප්‍රශ්න, ගෙදර අවහම ගෙදරත් ප්‍රශ්න, ඉතින් සැමියාට තමන්ගේ ප්‍රශ්න කියාගන්න කෙනෙකුත් නෑ. පීඩනය ඔළුවේ හිරකරගෙන ඉන්නත් බෑ. අන්න එහෙම වෙලාවක තමන් ගැන හොයා බලන, තමන්ගේ ප්‍රශ්න අහගෙන ඉන්න, ඒවාට පුළුවන් නම් උපදෙස් දෙන එකට ජොබ් එක කරන ගෑණු ළමයෙක්ට දන්නෙම නැතුව හිත යන්න පුළුවන්


 



Online සම්බන්දතා

දැන් සමාජයේ නව ඩිජිටල් කරනයත් එක්කෆේස්බුක් වට්ස්ඇප් වගේ සමාජජාල මාද්‍යයෙන් අනියම් සම්බන්දතා වලට නම් හොද තෝතැන්නක් වෙලා.  විශේෂයෙන් මේකටනම් 85% වගේ යොමුවෙලා ඉන්නේ කාන්තාවෝ. මොකද කාන්තාවන් ගෙදරට වෙලා ඉන්න අය, එයාල නිකන් ඉන්න ගමන් පොඩි චැට් පාරක්  වගේ දේවල් දාලා තමයි දවල් කාලයේ තනිකම මකා ගන්නේ.

විශේෂයෙන් තමාගේ පරණ පෙම්වතා හෝ පෙමවතිය හොයාගෙන  චැට් පාරක් දාන අය ඕන තරම් ඉන්නවා. ඊට පස්සේ ඔන්ලයින්ම සෙක්ස් කරන ලෙවල් එකට යන සම්බන්ධතා තියෙන්නත් පුළුවන්.

 

මේ අනියම් සම්බන්ධතා කියන එව්වා විවිධ වෙස් අරගෙන අපේ වටා කැරකෙනවා. ඉතින් අපි මොනවද කරන්න ඕනේ කියලා, ඔයාලම කල්පනා කරලා බලන්න.


ඔබේ සැමියා හෝ බිරිද අනියම් සම්බන්දතාවයක් ඇති කරගෙන තියනවාද කියල හරියටම දැනගන්නේ කොහොමද 

ඊළගට අපි අරන් එන්නම් 

තව වැදගත් වෙයි ඔයාට, ඔයාගේ ලිංගික ජීවිතය ගැන හරියටම දැනගන්න Click කරන්න